ප්‍රංශයේ ජාතික දිනය හෙවත් බැස්ටියල් දිනය මෙම මස 14 වනදා ට යෙදී තිබෙනවා.
මෙවර එහි ගෞරවනීය රාජ්‍ය නායකයාගේ සහභාගිත්වය වෙනුවෙන් ආරාධනය හිමිව ඇත්තේ ඉන්දියාවට බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙවර ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගිවීමට නියමිතයි.
ප්‍රංශයේ ජනාධිපති එම ආරාධනය සිදුකර ඇති අතර බැස්ටියල් දිනය වෙනුවෙන් ප්‍රංශ හමුදාව සිදුකරන හමුදා පෙළපාළිය සඳහා ඉන්දියාවේ හමුදා බටපිරිසක් ද පිරිසක් ද සහභාගි වීමට නියමිතයි.
ප්‍රංශය තුළ ගිනිකෙලි අලෙවිය සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම තහනම් කර තිබෙනවා.
එම තහනම 15 වන දා දක්වා බලාත්මකයි.
යලි ප්‍රචණ්ඩකාරී විරෝධතා ඇතිවීම වැළැක්වීමේ අරමුණින් එම පියවර ගත් බවයි වාර්තා වන්නේ.