ස්වීඩනය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලා සිටියේ මීට වසරකට පමණ පෙරයි.
යම් රටකට නේටෝවෙහි සාමාජිකත්වය ලබා දීමට නම් එහි සාමාජික රටවල් 31 ම ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කල යුතුයි.
වසරක පමණ කාලයක සිට තුර්කිය ස්වීඩනයට නේටෝවෙහි සාමාජිකත්වය ලබාදීම ප්‍රතික්ෂේප කළා.
නමුත් මේ වනවිට තුර්කි ජනාධිපති ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය ලබා දීම සඳහා කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.