බ්‍රසීලයේ සාවෝ පාවුලෝහි දිගම ගංගාව වන ටියෙට් ගංගාව විෂ සහිත පෙණවලින් වැසී ගොස් තිබෙනවා.
පරිසරවේදීන් පවසන්නේ ටියෙට් ගංගාව සාවො පාවුලෝහි දුෂිත ගංගාව ලෙස වාර්තා අතරට එක්ව ඇති බවයි.
එම ගංගාවට කලාපයට ජලය සපයන ප්‍රධාන ජල මුලාශ්‍රය ද වනවා.
මේ සමග ටියෙට් ගංගාව ආශ්‍රිත ප්‍රදේශවලින් දැඩි දුගදක් හමන බවයි වාර්තා වන්නේ.
විෂ පෙණ හේතුවෙන් ගංගාවේ ජලජ ජීවින් රැසක් මියගොස් ඇති අතර ඉන් ධීවර ප්‍රජාවට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.
විවිධ කර්මාන්තශාලා මගින් ගංගාවට බැහැර කරන රසායනික ද්‍රව්‍ය මෙම අහිතකර තත්ත්වයට හේතු වී ඇති බවයි පරිසර වේදීන් පවසන්නේ.