ඉන්දීය විද්‍යාඥයින් විසින් නිර්මාණය කරන ලද චන්ද්‍රයාන් – 3 යානය අද (14) කක්ෂගත කෙරුණා.
අද පස්වරු 2.35ට පමණ එම යානය කක්ෂගත කළා.
එය මෙම වසරේ අගෝස්තු 23-24 අතර දිනකදී සඳ මත ගොඩ බසිතැයි අනුමාන කරනවා.
සඳමත යානයක් ගොඩබැස්වීම සඳහා මීට පෙර සමත් වී ඇත්තේ, අමෙරිකාව සහ රුසියාව හැරුණු කොට චීනය පමණයි.
ඉන්දියාව 2020 වසරේ යැවූ චන්ද්‍රයාන්-2 යානය චන්ද්‍රයාගේ කක්ෂයට සාර්ථකව ඇතුළුවූවත් සඳමත ගොඩබැස්වීමට යාමේදී විනාශයට පත් වුණා.
.