එදා දරුවන්ට ජීවිතයට ධෛර්යය ලබාගැනීම සඳහා ජපානයේ ඔෂීන් ටෙලි නාට්‍ය පෙන්නුවත්, යාපනයේ දරුවන්ගෙන් ජිවිතය ජය ගැනීම සදහා ඇති තරම් පාඩම් ඉගෙන ගත හැකි යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා යාපනයේදී අද (16) සඳහන් කළා.
යාපනය මුට්රවේලි ක්‍රීඩාංගනයේදී පවත්වන ග්ලෝකල් ෆෙයාර් 2023 හි දෙවැනි දිනයේ සමාරම්භක උත්සවයට හා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය හා ශ්‍රම වාසනා අරමුදල විසින් පාසල් ළමුන්ට ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
” මම කියන්නේ යාපනයේ දරුවන් ආදර්ශයට ගන්න කියලයි. මේ යාපනයට අවුරුදු තිහක් පෙට්‍රල් තිබුණේ නෑ. භූමිතතෙල් තිබුණේ නෑ. විදුලිය තිබුණේ නෑ. බංකර්වල හිටියේ. රෑට කැලේ හැංගිලා හිටියේ. ඒත් මේ දරුවන් මහන්සිවෙලා ඉගෙන ගත්තා. වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, පරිපාලන නිලධාරීන් මෙහෙන් බිහි වුණා.
අපිට නැගී සිටින්න, ධෛර්යමත් වෙන්න පිටරටවල උදාහරණ ඕන නෑ. යාපනයේ දරුවන්ගේ කතාව, යාපනයේ ධෛර්යයේ කතාව අපේ දරුවන්ට කියලා දුන්නොත්, ඒ ඇති රටක් විදියට ඉහළට එන්න. “ යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළා.