රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට අදට දින 505 යි.
අමෙරිකාවෙන් ලැබුණු පොකුරු බෝම්බවලින් රුසියානු සොල්දාදුවන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරනවා නම්, රුසියාව පොකුරු බෝම්බ භාවිතා කරන බව පුටින් පවසනවා.
සාමාන්‍යයෙන් යුධ බිමක් තුළ පොකුරු බෝම්බ භාවිතය තහනම්.
පුටින් පවසන්නේ තමා සතුව පොකුරු බෝම්බ ප්‍රමාණවත් ලෙස තිබෙන බවයි.
මේ අතර තුර්කිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව සිදු කළ ධාන්‍ය ගණුදෙනුව හෙටින් අවසන් වීමට නියමිතයි.
එම ගණුදෙනුව කිහිප වතාවක්ම දීර්ඝ කළ නමුත් මෙවර මෙම ගණුදෙනුව දීර්ඝ කිරීමට රුසියාව අකමැත්ත පළකර තිබෙනවා.
ඒ අනුව අද දින ඔඩෙසා වරායෙන් අවසන් ධාන්‍ය නෞකාව පිටත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.