චීනයට ප්‍රබල සුළිකුණාටු තත්ත්වයක්

Share

චීනයේ ගුවැන්ඩොං පළාතට ප්‍රබල සුළිකුණාටු තත්ත්වයක් ඇතිවී තිබෙනවා. එම සුළි කුණාටුව ”තාලිම්” ලෙසයි නම් කර ඇත්තේ. පැයට 140 km ක වේගයකින් තාලිම් සුළිකුණාටුව දකුණු චීනයට කඩා වැදී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් පුද්ගයින් 230,000 ක් පමණ පිරිසක් ආරක්ෂිතව ඉවත් කර තිබෙනවා. සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් චීනයේ ගුවන් ගමන් හා දුම්රිය ගමන් ද අවලංගු කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් චීන කාලගුණ විද්‍යා බලධාරීන් පවසන්නේ අද උදෑසන වන විට එම සුළි කුණාටුවේ වේගය අඩුවී වියට්නාමය වෙත ගමන් කරනු ඇති බවයි.

මේ වන විට වියට්නාමයේ ද පළාත් කිහිපයක 30,000 ක් පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර තිබෙනවා.

Read more

Local News