අධික උණුසුම මේ වන විට මහද්වීප තුනකට බලපෑම් එල්ල කර තිබෙනවා.
ඒ හේතුවෙන් ලැව්ගිනි රැසක් ද ව්‍යාප්ත වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
මේ වන විට ආසියා, යුරෝපා හා උතුරු අමෙරිකා මහද්වීපවලට අධික උෂ්ණත්වය දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා.
මේ අතර යුරෝපයට බලපා ඇති අධික උණුසුම් කාලගුණය ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් ඉහළ යා හැකි බව එරට කාලගුණ විද්‍යා බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානය ප්‍රකාශ කරන්නේ රටවල් රැසකට බලපා ඇති උණුසුම් කාලගුණ තත්ත්වය අගෝස්තු මාසය දක්වා පැවතිය හැකි බවයි.