ක්‍රිමියානු පාලමට එල්ල කළ ප්‍රහාරය ත්‍රස්තවාදී ක්‍රියාවක් බව පුටින් පවසයි (VIDEO)

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට අදට දින 506 යි.

රුසියාව සහ යුක්‍රේනය යා කරන ක්‍රිමියානු පාලමට යුක්‍රේනය ඊයේ (17) දින ප්‍රහාර එල්ල කළා.

එම ප්‍රහාරයත් සමග රුසියාව එරට ජනතාවට නියෝග කළේ ක්‍රිමියානු පාලම භාවිතා නොකරන ලෙසයි. කෙසේ වෙතත් මේ වන විට ක්‍රිමියානු පාලම විවෘත කර ඇති බව රුසියානු මාධ්‍ය අද (18) වාර්තා කර තිබුණා.

ප්‍රහාරයෙන් ක්‍රිමියානු පාලමේ එක මංතීරුවකට දැඩි ලෙස හානි සිදු වුණා.

ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට රුසියාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

රුසියාව පවසන්නේ ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්‍රේනයට විරුද්ධව අනිවාර්යයෙන් ප්‍රතිචාරයක් දක්වන බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News