මිනිසාගේ මතකය ක්‍රමයෙන් හීන කරන ඇල්සයිමර් රෝගයට, ප්‍රතිකාර ලෙස ඩොනනෙමැබ් (donanemab) නමින් නව ඖෂධයක් නිපදවීමට අමෙරිකානු ඖෂධ සමාගමකට හැකි වී තිබෙනවා.
ගෝලීයව සිදුකළ පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ මෙම නව ඖෂධය මගින් ඇල්සයිමර් රෝගය උත්සන්නවීම සියයට 60කින් පමණ මන්දගාමී කිරීමට හේතු වන බවයි.
ඇල්සයිමර් රෝගයේ ආරම්භක අවධියේදී රෝගීන්ගේ මොළයේ තැන්පත් වන ප්‍රෝටීන් මෙම ඖෂධය භාවිත කිරීමෙන් ඉවත්කිරීම සිදුකළ හැකිබවයි ඉන් හෙළිවී තිබුණේ.
මෙම ඖෂධය භාවිතයෙන්, ජානමය කරුණු මත ඇල්සයිමර් රෝගයට ගොදුරු වූ අයගෙන් සියයට 40කගේ පමණ අතුරු ආබාධ ලෙස මොළය ඉදිමීමේ අවදානමක් පවතින බව ද පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා.