2022 උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු මාසයේ දී

Share

අ.පො.ස. උසස් පෙළ 2022 විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසයේ දී නිකුත් කිරීමට හැකිවනු ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

ඔහු සඳහන් කරන්නේ එම ප්‍රතිපල ප්‍රමාද වීමට බලපෑ කරුණු රැසක්ම තම දෙපාර්තමේන්තුවෙන් පරිභාහිර ඒවා බවයි.

මේ අතර 2023 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් භාර ගැනීම ජූලි 28 වනදායින් අවසන් වන බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

ඒ සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීම 2023 ජූලි 07 දින ආරම්භ කරනු ලැබුවා.

මෙම විභාගය 2023 නොවැම්බර් 27 දින සිට 2023 දෙසැම්බර් 21 දින දක්වා පැවැත්වීමට නියමිතයි.

ඊට අදාල නිවේදනය පහතින්,

Read more

Local News