රුසියාව යුක්රේනය ආක්‍රමණය කර අදට දින 507 යි.
යුක්රේන ධාන්‍ය අපනයන ගිවිසුම ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.
තුර්කිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වීමෙන් රුසියාව සහ යුක්රේනය අතර ධාන්‍ය අපනයන ගිවිසුම ආරම්භ කළේ පසුගිය වසරේ.
ඊයේ දින අවසන් වූ ධාන්‍ය ගිවිසුම නැවතත් දීර්ඝ කිරීමට රුසියාව සිය අකමැත්ත පළ කළේ යුක්රේනය සමග තවදුරටත් ගිවිසුම් ගතවීම ඵල රහිත බව පවසමින්.
කෙසේ වෙතත් ධාන්‍ය අපනයන ගිවිසුම අවසන් වීමත් සමග ඊයේ දින රුසියාව යුක්රේනයේ ඔඩෙසා වරායට ප්‍රහාර එල්ල කර තිබෙනවා.
යුක්රේනය පවසන්නේ ධාන්‍ය අපනයන ගිවිසුම අවසන් වීමත් සමග රුසියාව මෙලෙස අනුකම්පා විරහිතව ප්‍රහාර එල්ල කර ඇති බවයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.