වැසි සහිත කාලගුණ තත්ත්වයේ තාවකාලික අඩුවීමක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ පවත්නා වැසි සහිත කාලගුණ තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (19) දින සිට බලාපොරොත්තු විය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වැසි ඇති වේ.

බස්නාහිර සහ දකුණ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව ද නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

Exit mobile version