යුක්‍රේන රුසියා යුද ගැටුමට අදට දින 509 යි.
රුසියාව සහ ක්‍රිමියාව යා කරන ප්‍රධාන පාලම අද උදෑසන වසා දැමුණා.
ඒ එම ප්‍රදේශයට ගුවන් ප්‍රහාරයක් එල්ල වීමත් සමඟයි.
නමුත් කෙටි කාලයකට පසු එනම්, මිනිත්තු විස්සකට පමණ පසු පාලම නැවතත් විවෘත කළ බවයි වාර්තා වන්නේ.
පසුගිය ජුනි මාසයේදී යුක්‍රේනයේ නෝවා කකොව්කා වේල්ල විනාශ වී ගියා.
ඒ හේතුවෙන් දකුණු යුක්‍රේනය පුරා ජල හිඟයක් ද ඇති වුණා.
මෙම ජල හිඟය නිසා දකුණු යුක්‍රේනයෙන් ලබාගත හැකි පළතුරු හා එළවළු අස්වැන්න ඉතාමත් අඩු වනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර කළු මුහුදේ ධාන්‍ය ගණුදෙනුව නැවත ආරම්භ කරන ලෙස යුක්‍රේනය සහ පාකිස්ථානය ඉල්ලා තිබෙනවා.