රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 512 යි.
ඊයේ (23) දින ඔඩෙසාහි ඓතිහාසික ආසන දෙව් මැදුර වෙත රුසියාව ප්‍රහාර එල්ල කළා.
ප්‍රහාරයෙන් ආසන දෙව් මැදුරට දැඩි ලෙස හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම දෙව් මැදුර යුනෙස්කෝ ලෝක උරුමයක් ද වනවා.
ප්‍රහාරයෙන් එක් අයෙකු මිය ගොස් 19 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම දේවස්ථානය ඔඩෙසාහි විශාලතම දේවස්ථානය වන අතර එය ඉදිකර ඇත්තේ 1809 වසරේ දී.
මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලෙන්ස්කි පවසන්නේ රුසියාව එල්ල කළ මෙම ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් බවයි.
එසේම සෙලෙන්ස්කි පවසන්නේ රුසියාව සිදුකළ මෙම ප්‍රහාරයට අනිවාර්යයෙන්ම ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි.
මෙම ප්‍රහාරය යුනෙස්කෝව ද දැඩි ලෙස හෙළ දැක තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.