රුසියාව පසුගියදා යුක්‍රේන ධාන්‍ය ගිවිසුමෙන් ඉවත් වුණා.
මේ හේතුවෙන් ගෝලීය ධාන්‍ය මිල සියයට 15 කින් පමණ ඉහළයා හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග කලු මුහුදේ ධාන්‍ය මෙට්‍රික් ටොන් දහස් ගණනක් සිරවී තිබෙනවා.
පසුව තුර්කියේ හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් යුක්‍රේනයේ ධාන්‍ය අපනයනය සඳහා ගිවිසුමකට එළඹුණා.
මෙම ගිවිසුමට අදාළව රුසියානු පාර්ශවයේ ඉල්ලීම් ඉටුවූයේ නැති බව පවසමින් රුසියාව ධාන්‍ය ගිවිසුමෙන් ඉවත් වුණා.
මේ අතර රුසියානු ජනාධිපති පුටින් අප්‍රිකානු රාජ්‍ය නායකයින් සමඟ ඉදිරියේ දී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.
එහිදී යුක්‍රේන ධාන්‍ය වෙනුවට රුසියානු ධාන්‍ය අප්‍රිකානු රටවලට අපනයනය කරනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.