නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ‘මහ පාරට පැමිණි’ රාජ්‍ය නිලධාරීන්

Share

ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර පනවා ඇති ඇති නීති රීති ස්වාධීනව ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ නිලධාරින්ට ලබාදී ඇති බලතල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වාතාවරණය සලසන ලෙසට බල කරමින් කම්කරු අමාත්‍යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ නිලධාරීන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ (27) දිනයේදී විරෝධතාවයක් පවත්වා තිබෙනවා.

2018 වසරේදී හොරණ ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක රසායනික අපද්‍රව්‍ය ටැංකියකට වැටීමෙන් පුද්ගලයින් හය දෙනෙක් මිය ගොස් තිබූ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කළ නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව තිබෙන අවදානම සැලකිල්ලට ගනිමින් රෙම විරෝධතාවය දක්වා ඇති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තුවෙන් පනවා ඇති නීති ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට යොදා ගන්නා ඕනෑම අවස්ථාවකදී එම පනත්වල පරිදි නිලධාරින්ට ආරක්ෂාව සැලසිය යුතු බවත් විරෝධතාකරුවෝ අවධානරණය කර සිටියා.

Read more

Local News