ත්‍රිකුණාමලය ඇතුලු නැගෙනහිර පළාතේ බොහෝ ප්‍රදේශවල නීති විරෝධී ලෙස ඩයිනමයිට් භාවිතයෙන් මසුන් මැරීම සිදුකරන බව බොහෝ ධීවර සංගම් චෝදනා කරනවා.
එය නතර කිරිම සදහා ගතයුතු වැඩපිළිවෙල පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද හා නැගෙනහිර පළාත් අණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් අතර පසුගියදා කොළඹදි පැවැත්වුණා.
මෙහිදි අදහස් දැක්වු නැගෙනහිර පළාත් අණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් පවසා සිටියේ, තමන් නැගෙනහිර පළාත් අණ්ඩුකාරවරයා ලෙස වැඩ ආරම්භ කිරිමත් සමග ප්‍රදේශයේ බොහෝ සිවිල් සංවිධාන තමන් සමග පළාතේ ගැටලු පිළිබද සාකච්ඡා කළ බවත්, බොහෝ පිරිසක් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ පවතින ධීවර ගැටලු පිළිබඳව කරුණු ඉදිරිපත් කළ බවත්ය.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පැවසුවේ, නැගෙනහිර පළාත තුළ පමණක් නොව උතුරු පළාත තුළ ද නීති විරෝධී ධීවර කටයුතු සිදු කරන බවත්, ඒවා මැඩලිමට තමන් දැනටමත් ධීවර දෙපාර්තමෙන්තුවේ නිලධාරින් මෙන්ම ආරක්ෂක අංශවල නිලධාරින්ව දැනුවත් කර ඇති අතරම මේ වන විට එසේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වු බොහෝ පිරිසක් අත්ඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.