ඇෆ්ගනිස්ථානය තුළ ඇති සංගීත භාණ්ඩ ගිනි තබා විනාශ කරන ලෙසට තලෙයිබාන් පාලකයින් නියෝග කර තිබෙනවා.
ඇෆ්ගනිස්ථානයේ ප්‍රදේශ කිහිපයකම මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි වාර්තා වන්නේ.
තලෙයිබාන් සංවිධානයේ මේ තීරණයත් සමග සංගීත ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වන පිරිස් දැඩි අර්බුදයකට මුහුණ පා සිටිනවා.
ඇතැම් පිරිස් තලෙයිබාන් පාලනයට බියෙන් සිය රැකියාව සඳහා භාවිත කළ සංගීත භාණ්ඩ ආයුධ මගින් විනාශ කරන අයුරු හා ගිනි තබන අයුරු සමාජ මාධ්‍යයේ දක්නට ලැබෙනවා.
තලෙයිබාන් පාලනයට අනුව ප්‍රසිද්ධියේ සංගීත භාණ්ඩ වාදනය තහනම් වන අතර එලෙස විනෝදවීම සිය නීතියට පටහැනි බවයි තලෙයිබාන්වරු පවසා ඇත්තේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.