LPL තරගාවලියේ Dambulla Aura සහ Galle Titans අතර තරගයේ දී දෙපිලම නියමිත පන්දුවාර 20 තුළ සම ලකුණු ලබාගත් අතර සුපිරි පන්දු වාරයේදී Galle Titans කණ්ඩායම ජය ලබා ගත්තා.
පළමුව පන්දුවට පහර දුන් Galle Titans කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 180ක් රැස් කළ අතර භානුක ලකුණු 48ක් සහ නායක දසුන් නොදැවී ලකුණු 42ක් එහිදී රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Dambulla Aura කණ්ඩායම ද පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 180ක් ලබා ගැනීමට සමත් වුණා.
සුපිරි පන්දුවාරයේ දී Dambulla Aura කණ්ඩායම කඩුලු 01ක් දැවී ලකුණු 09 ක් ලබාගත් අතර Galle Titans කණ්ඩායම ලකුණු 11ක් ලබා ජය ගත්තා.








