ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම පිළිබඳ පරීක්ෂණයක්

Share

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සමාරම්භක උත්සවයේ දී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙනවා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එන්. රංජිත් අශෝක පවසනවා.

එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ජාතික ගීය හිතුමතේ වෙනස් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවයි.

ජාත්‍යන්තර අවධානය යොමු වන වැඩසටහනක දී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම කණගාටුවට කරුණක් බවත් ලේකම්වරයා අවධාරණය කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්,

Read more

Local News