ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදී සිටින ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලී ලරිජානි මහතා අද (19) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ශ්‍රී ලංකාවේ කතානායක කරූ ජයසූරිය මහතා හමුවිය.
ඉරාන පාර්ලිමේන්තුවේ කතානායකවරයා ඊයේ (18) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.
දිවයිනේ රැඳී සිටින කාලය තුළ දී කතානායක කරූ ජයසූරිය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු සමඟ ද්වීපාර්ශවික සාකච්ඡාවන් පැවැත්වීමට ද නියමිතයි.




