‘රුවිතේ – විඳගන්න – ජයගන්න’ – ජය ශ්‍රී

Share

ජය ශ්‍රී සංගීත කණ්ඩායමේ අලුත් ගීතය ගැන පහුගිය දිනවල විවිධාකාර පුවත් පළවුණා. ‘මතුවෙන්න – The Diamond Story’ නම් වෙන මේ ගීතය මේ වෙද්දී ජය ශ්‍රී යූ ටියුබ් නාලිකාවෙන් දැකගන්නට හැකියි. දික්වැල්ල, හිරිකැටිය, නිලාවැල්ල, නිකවැරටිය, යාපනය වගේ ප්‍රදේශ වල මෙහි රූපගත කිරීම් කරලා තියෙනවා. ජය ශ්‍රී ගායනයෙන් හැඩවුණු මේ ගීත‍යේ පද රචනය වගේම රූප රචනය කරලා තියෙන්නේ සමන් අමුණුකන්ද. සංගීතය රැප්සිලා (සාරංග දිනේෂ්).

‘සිව්කොණ එකතුවෙලා

ජය කණුව සොයනා වෙලේ

සතුටෙන් එකතුවෙලා දූ පුතුන් හිනැහෙන බිමේ ‍

ජයගන්නට හැකි තුරුම්පුවක් වී

ලොවටම පෙන්වන්න

මතුවෙන්න  – පණදෙන්න

රුවි‍තේ  – විඳගන්න

ජයගන්න’

අපිට මෙතෙක් කාලයක් දැකගන්නට ලැබුණේ ජය ශ්‍රී ලා ප්‍රසංග වේදිකාවේ ගායනා කළ ගීතයි. ඒත්, ජය ශ්‍රී ලා පහුගිය කාලේ ගායනා කරපු ගීත වෙනුවට ඔවුන්ගේම වුණු විශේෂ නිර්මාණයක් විෂුවල් එකකුත් එක්කම නිර්මාණය කරලා තියෙන නිසා ‘මතුවෙන්න’ ගීතය විශේෂ වෙනවා.

‘මතුවෙන්න’ ගීතය පුරාවට දැකගන්න ලැබෙන සංකේතයක් තමයි ඩයමන්ඩ්. ජය ශ්‍රී ලා පහුගිය කාලේ කතා කළෙත් මේ ඩයමන්ඩ් ගැනයි. කොහොම වුණත්, ‘මතුවෙන්න’ ගීතයෙන් ආරාධනා කරන්නේ, ජයගන්න පුළුවන් තුරුම්පුවක් වගේ, නැත්නම්, ඩයමන්ඩ් එකක් වගේ තමන්නේ දක්ෂතා ඔපමට්ටම් කරගෙන තාරුණ්‍යයට නැගිටින්න කියලා. මේ ඩයමන්ඩ් සංකේතය ‘මතුවෙන්න’ ගීතය පුරාවට දැකගන්නට හැකියි. ගීතය ආරම්භ වෙන්නෙත් ඩයමන්ඩ් එකක් ඇතුළට ජය ශ්‍රී ලා යනවා වගේ ෂොට් එකකින්. මේ ඩයමන්ඩ් එකේ අභිරහස ‘මතුවෙන්න’ ගීතය තුළින්ම දැකගන්න. පිවිසෙන්න.

Read more

Local News