නාවනගල කන්ද ප්‍රදේශයේ ගින්නක්

Share

උඩදුම්බර පොලිස් වසමේ හුන්නස්ගිරිය, නාවනගල කන්ද ප්‍රදේශයේ හා කලුගල යහන්ගල යන ප්‍රදේශයන්හි හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

උඩදුම්බර පොලිසිය, හුන්නස්ගිරිය අඩවි වන කාර්යාලයේ නිලධාරීන් හා එක්ව ගින්න මැඩ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රදේශය ජන ශුන්‍ය ප්‍රදේශයක් වන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් උඩදුම්බර පොලිසිය වැඩිදුර විමර්ශනය සිදුකරනු ලබනවා.

Read more

Local News