මේ වසරේ පළමු මාස හත තුළ සංචාරකයන් 763,000ක පැමිණීමක්

Share

මේ වසරේ පළමු මාස හත තුළ සංචාරකයන් 763,000ක් මෙරටට පැමිණ ඇති බවත්, එමගින් ඇමරිකානු ඩොලර් මිලියන 800ක පමණ ආදායමක් ලබාගැනීමට හැකිවූ බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා සංචාරක ක්ෂේත්‍රය ද උපරිම වශයෙන් දායකකර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක වී ඇති බවත් තවදුරටත් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යංශය ලෙස නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවත් ඇය සඳහන් කළා.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ, ‘ස්ථාවර රටකට සැවොම එක මගකට’ මැයෙන්, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

Read more

Local News