මාරක රිය අනතුරක් – එක් අයෙක් මරුට

Share

කෝකිලායි මුලතිව් මාර්ගයේ කොක්කුතුඩුවායි දෙමළ විද්‍යාලය අසල දී මුලතිව් සිට කෝකිලායි දෙසට ධාවන වූ ට්‍රැක්ටර් රථයක් අසල නවතා තිබූ යතුරු පැදියක ගැටී මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් ට්‍රැක්ටර් රථයේ ගමන්ගත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා මාංචෝලේ රෝහලට ඇතුලත් කිරිමේ දී එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනෙක් පුද්ගලයින් දෙදෙනා යාපනය හා වව්නියාව රෝහල් වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 24 ක් වන උග්ගල්ගෙල, ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සම්බන්ධයෙන් කෝකිලායි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News