මේ මාසයේ දී ඉඩම් හිමිකම් පත්‍ර ලැබෙන පවුල් පහළොස්දහස

Share

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත මහවැලි කලාපයේ පවුල් 15,000ක් වෙනුවෙන් ඉඩම් හිමිකම් පත්‍ර ලබාදීම මේ මස දෙවැනි සතියේ සිට ආරම්භ කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය ‌රොෂාන් රණසිංහ පවසනවා.

ඒ අනුව වසර 05කට වැඩි කාලයක් තිස්සේ ඉඩම් හිමිකම නොමැතිව සිටි පවුල් වෙත මෙසේ ඉඩම් ඔප්පු ලබාදීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

තවද මහවැලි කලාපයේ ඉඩම් ඔප්පු නොමැති පවුල් 20,000කට මේ වන විටත් ඉඩම් හිමිකම ලබාදීමට පියවර ගෙන ඇති බව ද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියා.

Read more

Local News