වන අලි පහරදීමකින් කාන්තාවක් මරුට

Share

ගෝනගං ආර පොලිස් වසමේ 15 කණුව, කෝත්කැටිය ප්‍රදේශයේ පුරන් කුඹුරකදී ඊයේ (03) වන අලියෙකු පහරදීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.

මිය ගිය කාන්තාව වයස අවුරුදු 63 ක් වු 15 කණුව, බුත්තල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෙම කාන්තාව වගා කර අතහැර දමා තිබූ කුඹුරක ගොයම් කරල් කපමින් සිටිය දී වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවටත්, වන අලියා පැමිණෙන බවට අවට සිටි පිරිස් කෑගසා ඇති නමුත් මෙම කාන්තාව ශ්‍රවණ ආබාධයකින් පසුවූ තැනැත්තියක් බැවින් එම ශබ්දය ඇසි නොමැති බව සිදුකල විමර්ශනයේදි අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගෝනගංආර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News