හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Share

වැලිපැන්න පොලිස් වසමේ නුගගහලන්ද ප්‍රදේශයේ දී කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (03) වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී හෙරොයින් ග්‍රෑම් 500 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු යතුරුපැදිය ද සමගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21 ක් වන මීගහ, දර්ගානගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද (04) මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයන් වැලිපැන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබනවා.

Read more

Local News