පසුගිය වසර දහය තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 8000 පුනරුත්ථාපනය කර තිබෙන බවත් මත්ද්‍රව්‍යවලට යොමුව සිටින පුද්ගලයින්ට ස්වේච්ඡාවෙන් පැමිණ පුනරුත්ථාපනය වීමේ අවස්ථාව ලබා දී තිබෙන බවත් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්ච් පවසනවා.
පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා මෙම අදහස් පලකළේ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ පවතින පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය ඉටු කළ ජාතික කාර්ය භාරය සහ ඉලක්ක පිළිබදව මහජනතාව දැනුවත් කිරීම සදහා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.



