පාර්ලිමේන්තුව රැස්වන දිනයන් මෙන්න

Share

පාර්ලිමේන්තුව අගෝස්තු 8 වැනිදා සිට 11 වැනිදා දක්වා රැස්වීමට නියමිත අතර, එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු 2023 ජූලි මස 21 වැනි දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කර තිබෙනවා.

මේ අනුව පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇති බවයි වාර්තා වන්නේ.

අගෝස්තු 08 වැනි අඟහරුවාදා පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව 2023 වසර-මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

Read more

Local News