මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම අරමුණු කරගනිමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ නියෝග පරිදි පොලිස්පතිවරයා විසින් කමිටුවක් පත්කර තිබෙනවා.
මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධව පොලිස් මූලස්ථානයට හා අමාත්‍යාංශයට වාර්තා කිරීම සඳහා මෙය පත් කර ඇති අතර එහි සභාපතිවරයා වන්නේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බවයි වාර්තා වන්නේ.