දකුණු පාකිස්ථානයේ දුම්රියක් පීලි පැනීමෙන් සිදුවූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 30 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එසේම තවත් පුද්ගලයින් 100 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
දුම්රිය මෙසේ අනතුරට පත්වන අවස්ථාවේ දී එය සාමාන්‍ය වේගයකින් ගමන් කර ඇති අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
අදාල බලධාරීන් පවසන්නේ අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 10,000ක් පමණ එහි සිට ඇති බවයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.