සමනළ වැවෙන් උඩවලව ජලාශයට අද (8) අළුයම සිට ජලය මුදා හැරීම ආරම්භ කෙරුණා.
මේ අනුව දින 03 ක් පුරා ජලය ලබා දීමට නියමිතයි.
එසේ ජලය මුදා හරින අතර, ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 120 ක් ද ලබා දෙන බවයි වාර්තා වන්නේ.
දිගින් දිගටම වගාවන්ට ජලය ලබා දීමට සිදු වුවහොත් දින 08 ක් තුළ සමනළ වැව බලාගාරය අක්‍රීය වන බව විදුලි බල ඉංජිනේරු සංගමය පවසනවා.