විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද (09) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර පවසනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්රධානත්වයෙන් (08) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.