සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා නව වැඩපිළිවෙලක් – අමාත්‍ය සාගල රත්නායක

Share

තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේ, සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා පාර්ශව කිහිපයක සහභාගීත්වයෙන් නව වැඩපිළිවෙලක් සකස් කරන බවයි.
පොලීසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සංචාරක මණ්ඩලය, දක්ෂිණ සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතනවල සහභාගීත්වයෙන් එම වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මිරිස්ස සහ මිදිගම ප්‍රදේශවල දී පසුගියදා සංචාරකයන් පිරිසකට පහරදීමේ සිද්ධිය හේතුවෙන් ශ්‍රී ලංකාවට අපකීර්තිමත් තත්ත්වයක් උදා වී ඇති බව සාගල රත්නායක එහිදි පෙන්වා දුන්නේය.

Read more

Local News