වතු ප්‍රජාව සම්බන්ධයෙන් නිවැරදි දත්ත රටේ නැහැ – විපක්ෂ නායක

Share

රටේ සිටින විවිධ ජන කොටස් සම්බන්ධයෙන් රජයට නිවැරදි සංඛ්‍යා දත්ත නොමැති බවත් අස්වැසුම පවා බිඳ වැටුනේ මේ නිසා බවත් එබැවින් වහාම ජන සංගණනයක් සිදු කර ගෘහයක ආදායම් වියදම් සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගෙන වතු ප්‍රජාවගේ ආර්ථිකය ශක්තිමත් කිරිමට වැඩපිළිවෙළක් දියත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (10) පාර්ලිමේන්තුවේ දී උඩරට වතු ප්‍රජාව සම්බන්ධයෙන් වන විවාදයට එක්වෙමිනුයි.

ආර්ථික වශයෙන් ක්‍රියාකාරී වතු ප්‍රජාව ලක්ෂ 4ක් සහ ආර්ථික වශයෙන් ක්‍රියාකාරී නොවන ලක්ෂ 3කට ආසන්න වතු ප්‍රජාවක් සිටින බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා සැබවින්ම වතු ප්‍රජාව මුහුණ දෙන ප්‍රශ්න රාශියක් ඇති බවයි කියා සිටියේ.

Read more

Local News