දේශීය පොල්තෙල්වල ප්‍රමිතිය සොයා බැලීම සදහා ක්රමවේදයක දැඩි අවශ්‍යතාවයක් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරනු ලබනවා.
එහි සභාපති රංජිත් විතානගේ ප්‍රකාශ කරනු ලබන්නේ, පොල්තෙල් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ දී මිනිස් ශරීරයට අහිතකර ඇෆ්ලටොක්සීන් (Aflatoxin) සහ වෙනත් අහිතකර සංඝටක පොල්තෙල්වල අඩංගුවිය හැකි බවයි.
පසුගියදා කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව අනාවරණය කළා.
ශ්‍රී ලංකාව තුළ ප්‍රමිතිය පරීක්ෂා කිරීම සිදුකරනු ලබන්නේ ආනයනික පොල් තෙල්වලට පමණක් බව ඔහු එහිදි සදහන් කරනු ලැබුවා.
එහෙත් ලංකාවේ පාරිභෝජන අවශ්‍යතාවයෙන් 10% පමණ දේශීය ආයතන හා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන් විසින් මෙරට තුළම නිපදවනු ලබන අතර එසේ නිපදවනු ලබන පොල්තෙල්වල ප්‍රමිතිය සොයාබැලීමේ කිසිදු ක්‍රමවේදයක් නොපවතින බව රංජිත් විතානගේ ප්‍රකාශ කළා.
වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් විතානගේ,
”සාමාන්‍යයෙන් ආහාර නිෂ්පාදනය කිරීමේ දී එහි ප්‍රමිතිය පිළිබදව පරීක්ෂා කිරීම අනිවාර්යෙන්ම සිදු කරනු ලබනවා. ප්‍රමිති පරීක්ෂාවකින් තොරව කිසිදු ආහාරයක් රටතුළට ආනයනය කිරීමට නොහැකි වන සේ නීති සෑදීමට ලෝකයේ සෑම රටක්ම කටයුතු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව ද මෙරටට ආනයනය කරනු ලබන පොල්තෙල්වල ප්‍රමිතිය අවස්ථා කිහිපයක දී පරීක්ෂා කරනු ලැබුවත් මෙරට නිපදවන පොල්තෙල්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සිදු නොවීම මෙරට පොල්තෙල් පාරිභෝගිකයින්ට කරනු ලබන දැඩි අසාධාරණයක්.සත්ව ආහාර නිෂ්පාදනය කිරීමේ දී වුවද ප්‍රමිතිය සොයා බලද්දී මිනිස් පරිභෝජනය සදහා පොල් තෙල් නිෂ්පාදනය කිරීමේ දී එහි ප්‍රමිතිය පිළිබදව සොයා බැලීමට කටයුතු නොකිරීම පාරිභෝගික අයිතිය කඩකිරීමක්”