මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය පිළිබඳව ජනපති දුන් උපදෙස

Share

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත අපනයන හා ප්‍රති අපනයන වැඩි දියුණු කිරීම තුළින් වාර්ෂිකව රටට ඉහළ අපනයන ආදායමක් උපයා ගත හැකි බැවින් එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ සැලසුම් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත මතුව ඇති ගැටළු පිළිබඳ පසුගියදා පැවති සාකච්ඡාවේදීයි.

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා වූ බදු ප්‍රතිපත්ති පිළිබඳ නිර්දේශ “පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව” විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම ද මෙහිදී සිදු කෙරුණා.

Read more

Local News