යාල ජාතික වනෝද්‍යානයේ මිස්සක හස්තියා ජීවිතක්ෂයට පත්වෙයි

Share

යාල ජාතික වනෝද්‍යානයේ වාසය කළ මිස්සක නම් හස්තියා ඊයේ (19) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇත.

බඳින තුවක්කුවක් පත්තුවීමෙන් ඇතිවූ තුවාල හේතුවෙන් මෙලෙස ඇතා මිය ගොස් අැති බවයි වාර්තා වන්නේ.

සති දෙකක කාලයක් මිස්සක මෙම තුවාලය හේතුවෙන් පීඩා විඳ ඇති අතර ඇතාගේ ඉදිරි වම් පාදයේ හා වම් ඇස ආසන්නයේ තුවාල ඇතිව තිබේ.

මිස්සක අවුරුදු 35ක් පමණ වයස බව කියැවෙයි.

වම් ඇස ආසන්නයේ ඇතිව තිබෙන තුවාල වෙඩි තැබීම හේතුවෙන් ඇතිව තිබෙන බවයි සඳහන් වන්නේ.

Read more

Local News