කොටවෙහෙර පොලිස් වසමේ දිගන්නෑව ප්‍රදේශයේ ඊයේ (15) පුද්ගලයෙකු විදුලි සැර වැදීමෙන් මිය ගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 63 ක් වූ ගුරුපොකුණ, දිගන්නෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම පුද්ගලයා වගා ඉඩමක් හරහා ගමන් කිරීමට යාමේදී ඉඩමේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදී මිය ගොස් ඇති බවට පොලිසිය කළ විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.
විදුලි රැහැන අදින ලද පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොටවෙහෙර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.