පෑලියගොඩ සංවර්ධන සැලැස්ම ලබන වසරේ සිට ක්‍රියාත්මකයි

Share

පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම සකස්කර දෙසැම්බර් මස 31 වැනි දිනට පෙර අදාළ ව්‍යාපෘති වාර්තාව තමන්ට ලබාදෙන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ලබන වසර මුලදී පෑලියගොඩ නගර සංවර්ධන සැලසුම ක්‍රියාත්මක කළ යුතු බවයි නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

පෑලියගොඩ නගරයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්වල මහල් නිවාස සංකීර්ණ ඉදිකළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

Read more

Local News