දිවුලපිටිය නගරයේ දී මීගමුව දෙස සිට දිවුලපිටිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඉදිරියෙන් පැමිණි කුඩා ලොරි රථයක මුහුණට මුහුණ ගැටී ඊයේ (15) අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා දිවුලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 55 ක් වූ බෝම්ගම්මල, දිවුලපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දිවුලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.