ජනාධිපති ලේකම් කාර්යාලය දැඩි විමසිල්ලෙන් – ඇමති ප්‍රසන්න

Share

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මගින් ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය දැඩි විමසිල්ලෙන් පසුවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

සම්බන්ධීකරණ කමිටු සඳහා රාජ්‍ය නිළධාරින් නොපැමිණිවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හා දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීම අපහසු වන බවයි ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙමින් ඔහු කියා සිටියේ.

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට සහභාගීවන ලෙස ආරාධනා කර තිබියදීත් එයට නොපැමි⁣ණෙන රාජ්‍ය නිළධාරින් සම්බන්ධ වාර්තාවක් දිස්ත්‍රික් ලේකම්වරයා මාර්ගයෙන් ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙහිදී ගම්පහ ප්‍රාදේශීය ලේකම්වරියට උපදෙස් දී තිබෙනවා.

Read more

Local News