කඩවත රාගම මාර්ගයේ නාදුනන මළ සිරුරක්

Share

කඩවත රාගම මාර්ගයේ ගුවන් පාලම අසල ඇලේ තිබී මළ සිරුරක් හමුවී තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 55ත් 60ත් අතර වයසේ පසුවන්නෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා කොණ්ඩය කොටට කපා, අත් කොට ෂර්ට් එකක් සහ කොළ පැහැති සරමක් ඇඳ සිටින අයෙක් වන අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

Read more

Local News