වාහන සොරකමකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

වත්තල පොලිස් වසමේ අවරකොටුව ප්‍රදේශයේ යතුරු පැදියක් නවතා පරීක්ෂා කිරීමේ දී හෙරොයින් ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 340 ක් සොයාගෙන ඇති අතර සැකකරු යතුරුපැදිය ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25 ක් වන හැඳල, වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනයේ දී එඩේරමුල්ල පොලිස් වසමේ සිදුව තිබූ ත්‍රීරෝද රථ සොරකමක් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇති අතර සැකකරු ගමන් කරමින් සිටි යතුරු පැදිය රාගම පොලිස් වසමෙන් සොරා ගන්නා ලද යතුරු පැදියක් බවටත් අනාවරණය වී තිබෙනවා.

Read more

Local News