ආජන්ටිනාවේ ජෙනරල් පාස් අධිවේගී මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයක් ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.
බස් රථයේ පිටුපස කොටසින් ගින්න පැතිරීම ආරම්භ වී තිබූ අතර පසුව මුළු බස් රථයම ගිනි ගෙන තිබු ආකාරය ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා.
ගින්නට හේතුව විදුලි යාන්ත්‍රික දෝෂයක් බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නැහැ.