බටහිර අප්‍රිකාවේ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළී තිබිය දී පසුගියදා සොයාගෙන තිබෙනවා.
බෝට්ටුවේ සිටි 60කට වැඩි පිරිසක් එම අනතුරෙන් මියගොස් ඇති බවයි සැකපළ කරන්නේ.
මේ වන විට අනතුරට ලක්වූවන් 38 දෙනෙකු පමණ බේරාගෙන තිබෙනවා.
මෙම බෝට්ටුව පසු ගිය ජූලි මාසයේ දී යාත්‍රා කිරීම ආරම්භ කර ඇත්තේ සෙනගාලයෙන් බවයි වාර්තා වන්නේ.
මුදවාගත් පිරිස අතර ළමුන් හතරදෙනෙකු ද ඇතුළත්.



