ලෝකයේ රටවල් 25 කට දරුණු ජල හිඟයක්(VIDEO)

Share

ලෝකයේ රටවල් 25ක් මේ වන විට ඉහළ ජල හිඟයකට මුහුණදෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් මෙම ගැටලුවට මුහුණදෙන බවයි World Resources Institute නවතම දත්ත පෙන්වා දෙන්නේ.

ජනගහන වර්ධනය, නාගරීකරණය, කාර්මීකරණය, දේශගුණ විපර්යාස සහ අකාර්යක්ෂම ජල කළමනාකරණය මෙම ජල හිඟයට හේතු බවයි එම වාර්තාවේ සදහන් වන්නේ.

ජල හිඟයේ ප්‍රතිවිපාක තව ඉදිරියට වැඩි වනු ඇති බවත් එම වාර්තාවේ දැක්වෙනවා.

ඒ අනුව 2050 වන විට ලෝක ජනගහනයෙන් 60% ක් ජල අර්බුදයට ලක් වීමට නියමිත බවත් වැඩිදුරටත් සදහන්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News