ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ නායයාමෙන් මියගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අධික මෝසම් වැසි හේතුවෙන් හිමාචල් ප්‍රදේශ්හි හිමාල කලාපයේ සිදු වූ නායයාමකින් පසුගිය සඳුදා පස්දෙනෙකු මියගියා.
තවත් විසිදෙනෙකුගේ සිරුරු පසුව සොයා ගත් බවයි වාර්තා වන්නේ.
ඉන්දීය කාලගුණ අංශ එම ප්‍රදේශවලට රතු නිවේදන නිකුත් කර තිබූ අතර කඳුකර කලාපයකුයි නායයාමට ලක්ව ඇත්තේ.
එම ප්‍රදේශවල පාසල් හා රජයේ කාර්යාල තවදුරටත් වසා දමා තිබෙනවා.